Science Teacher & Professional Counselor (BSc, Dip. in Psychology)
මම සාරංග රාජපක්ෂ. අගරපතන සිංහල මහා විද්‍යාලයේ විද්‍යා විෂය භාර ගුරුවරයෙකු ලෙසත්, ශ්‍රී ලංකා ගුරු සේවයේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරමි. විවෘත විශ්වවිද්‍යාලයෙන් දැනට ස්වභාවික විද්‍යා අධ්‍යාපනය (BEd) පිළිබඳ වැඩිදුර හදාරමින් සිටිමි.
වෘත්තීය ගුරුවරයෙකුට අමතරව, මම මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන අතර පාසල් සිසුන් සඳහා වෘත්තීය උපදේශන සේවාවන් ලබා දෙමි. තාක්ෂණය අධ්‍යාපනයට මුසු කිරීමේ අරමුණින් "Science With Saranga" YouTube චැනලය සහ "Smart Nexus" වෙබ් අඩවිය හරහා සිසුන්ට අවශ්‍ය පාඩම් සහ අභ්‍යාස ලබා දීමට මම කටයුතු කරමි.
මගේ මූලික අරමුණ වන්නේ නවීන තාක්ෂණය සහ නිවැරදි මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් භාවිතා කරමින් සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමයි.